දකුණු කොරියාවෙන් දින 49කට පසු නැවත වරක් කොරෝනා වෛරසය පැතිරී යාමේ අවධානමක් මතුව තිබෙනවා.

කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කොට මොහොමඞ් සහරාන් ඇතුළු 06 දෙනකු විසින් ප‍්‍රහාරයක් එල්ල කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දින 10 කට පෙර තමන්ට තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (26) බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා හෙළි කළේය.

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පොලිස් මාර්ග බාධකය ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය තබා නොගෙන කටයුතු නොකරන්නන් අද (27) දිනයේත් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් කරන බව පොලීසිය පවසනවා.

එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත රෝගීන් ගණන ගත වූ පැය 24 තුලදී වාර්තා වුණා.

ඒ අනුව නව ආසාධිතයන් 137ක් වාර්තා වූ අතර ඉන් 127 දෙනෙක්ම ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

කොරෝනා වෛරසයේ අවධානම පාලනය වූ රටවල දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවධානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධායනය පවසනවා.

රටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය මෙම සතියේ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි සති දෙක තුළදී රට පුරා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

සී.එස්.එන් රූපවාහිනී නාලිකාව සදහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව විසින් ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට පත්ව තිබෙනවා.

මින්නේරිය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි කොරෝනා ආසාධිත රෝගීන් රැගත් ගිලන් රථ 04ක් හෝමාගම කැන්ඳලන්ද ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

ඉදිරියේ දී පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය මඟින් ප්‍රවාහනයේ දී ආසන ගණනට පමණක් ප්‍රවාහන කළ යුතු බවට නීතියක් සම්මත කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මුදල් දී ප්‍රවේශ ගන්නා සෑම මඟියෙක්ම ආසනයක් ලබා දිය යුතු අතර ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එංගලන්තයම ගෞරව කළ ලංකාවේ විවාහ උත්සවය - PHOTOS
48 Views
වෛරසයට එන්නතක් සොයා ගන්නා තෙක් රට පුරා පාසල් විවෘත කරන්නේ නැහැ
2,025 Views
ගුවන් යානාවල මැද ආසන ඉවත් කිරීමේ යෝජනාවක් අධිකරණයට
155 Views
කොරෝනා වෛරසයෙන් පසු නව රැකියා බිහි කිරීමට ඕස්ට්ලියාවේ අවධානය
153 Views
ප්‍රංශයේ දේව මෙහෙයන් යලි ආරම්භ කරයි
85 Views
සෙමට සාදා ගත හැකි අත් බෙහෙත් කිහිපයක්
241 Views
ගැස්ට්‍රයිටිස් ඇතුළු ග්‍රරහණිගත ආබාධ දුරලන බත්කාරම
211 Views
කස කසා ඇට වීදුරුවක් බිව්වොත් මොකද වෙන්නෙ
339 Views
කාය ශක්තිය වැඩි කර ගැනීමට අතීත රජවරු කාපු කාමරංගා
195 Views
එළවළු සහ පළතුරු දිනපතා අප ආහාරයට ගත යුත්තේ ඇයි ?
106 Views
CSN නාලිකාව ක්‍රීඩා විකාශන සිහිනය අතහරි?
255 Views
තරුණ ජිවිතයක් බේරගන්න ඔබත් දායක වන්න
56 Views
ඉන්දීය සුරූපී නිළිය හමුවීමට ඉන්දියාවට යාමට නොහැකිව සිත් වේදනාවෙන් තරුණියක් සිරුරට ගිනි තබා ගෙන සියදිවි හානි කරගනී
111 Views
මම විතරද මේ ලෝකේ බාල කොල්ලෙක් බැඳලා ඉන්නේ - ජනප්‍රිය අයෙක්ගෙන් මාධ්‍යයට සැර කතාවක් - ඡායාරූප සහිතයි
288 Views
ළඟදී විවාහ වන අයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
162 Views
සමිතා ආයෙත් විවාහ වෙනවාද? - මෙන්න ඇත්ත කතාව - වීඩියෝ සහිතයි
441 Views
කොළඹ හෝටල් රෙස්ටුරන්ට් හෙට සිට විවෘත කරයි
147 Views
ඇඳිරි නීතිය ලිහිල් කලද ‍රැස්වීම් පැවැත්වීම තහනම්
109 Views
හමිඩ් රිස්වාන්ගේ අවසන් කටයුතු අද
143 Views
නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්
110 Views
හිට් ගොසිප්
කාරුණිකව ඉල්ලන්නේ කවදාවත් ළමයින්ට අඩන්න වෙන දේවල් පළ කරන්න එපා
8,759 Views
කළුතර සුපිරි හෝටල්වල නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයගේ පාට් නිසා කොරෝනා අවධානම ඉහළට
3,784 Views
වෛරසයට එන්නතක් සොයා ගන්නා තෙක් රට පුරා පාසල් විවෘත කරන්නේ නැහැ
2,025 Views
වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට
1,997 Views
කොරෝනා දෙවන රැල්ල අවොත් මැතිවරණය තියන්න බැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
1,702 Views